![](https://spicelk.com/wp-content/uploads/2023/03/Untitled-design.png)
Spices and Allied Products Marketing Board
Spice up Sri Lanka – the choice of the world
Spice up Sri Lanka – the choice of the world
To Become The One-Step-Destination For Sri Lankan Spice And Allied Products
Value Add With Quality And Naturccally Product Across The Industry Leader To
Win For The Across The Globally.
We Are Always Looking For Ways To Deliver The Naturally Quality Of Spices At The Most Affordable Price For Client. We Commit To The Importance Of
Developing Sustainable Supply Chain With Assurance National Growers & Reasonable Prices Through A Network Of Market Establishment. Therefore We Capture Global Market With Technologies & Innovation.
“Spice Up Sri Lanka – The Choice Of The World”
ශ්‍රී ලාංකික අපනයන කෘෂිකර්ම ක්ෂේත්රයේ ඉතා ඉහල වාණිජ විභවයක් කුළුබඩු හා ඒ ආශ්රිත නිෂ්පාදන සදහා පවතී. ජාතික සහ ජාත්‍යන්තර ලෙස පිළිගත් ප්රමිතීන් හා සහතිකකරණයන්ට අනුකුලව තවමත් මෙරට කුළුබඩු හා ඒ ආශ්රිත නිෂ්පාදන සකස් කිරීම හෝ අගය එකතු කල නිෂ්පාදන ලෙස සැකසීම ප්‍රමාණවත් පරිදි සිදුනොවේ. මෙම කාරණය නිසා ක්ෂේත්රයේ ගොවීන්ට මෙන්ම නිෂ්පාදකයන් හටද අදාල නිෂ්පාදන සදහා ඉහල අගයක් ලබාගත හැකි විදේශීය වෙළදපල වෙත ප්‍රවිෂ්ඨ වීමේ මග ඇහිරී තිබේ.
ඉහල ගුණාත්මකභාවයෙන් යුතු කුළුබඩු හා ඒ ආශ්රිත නිෂ්පාදන සදහා දේශීය මෙන්ම විදේශීය වෙළදපලේ වැඩිවෙමින් පවතින විකුණුම් අවස්ථාවන් වෙත ප්‍රවිෂ්ඨවීමේ හැකියාව මෙම ක්ෂේත්රයේ සිටින ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන් වෙත ලබාදීමේ අවශ්‍යතාවය කුළුබඩු හා ඒ ආශ්රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය විසින් මේ වන විටත් හදුනාගෙන ඇත. මේ සදහා ඔවුන්ගේ නිෂ්පාදන සැකසීමේ ක්‍රියාවලිය මෙන්ම නිෂ්පාදන සදහා ද සුදුසු දේශීය මෙන්ම ජාත්‍යන්තරවද පිළිගනු ලබන ප්‍රමිති සහතික ඔවුන් වෙත ලබාදීමට අවශ්‍ය වන පහසුකම් සැලසීම සහ මගපෙන්වීම සදහා ආයතනය විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ.
මේ යටතේ ජාතික හා ජාත්‍යන්තරව පිළිගත් ප්‍රතීතන සහතිකකරණ (Accreditation certification) අදාල ආයතනයක් මගින් අදාල සහතික ලබාගැනීම සදහා මුලික සුදුසුකම් පරීක්ෂාවකින් පසු එසේ ඉල්ලුම් කරනු ලබන ආයතනය නිර්දේශ කරමින් ඔවුන් වෙත අවශ්‍ය උපදේශකත්වය හා මගපෙන්වීම කුළුබඩු හා ඒ ආශ්රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය මගින් සිදුකරනු ලැබේ.
මේ යටතේ අදාල කුළුබඩු හා ඒ ආශ්රිත නිෂ්පාදන සදහා පිරිසකසුම්කරුවන්, අගයදාම එකතුකරන්නන්, හෝ නිෂ්පාදකයින් සදහා පහත සදහන් ප්‍රතීතන සහතික (Accreditation certification) ආයතන වල අවශ්‍යතාවය හා ධාරිතාවය සලකා බලා අදාල ආයතනය මගින් සිදුකරනු ලබන මුලික විගණන ක්‍රියාවලියකින් (Audit) පසුව සාධාරණ ගාස්තු යටතේ නිකුත් කරනු ඇත.
නිකුත් කරනු ලබන සහතික වර්ග,
කුළුබඩු හා ඒ ආශ්රිත නිෂ්පාදන දේශීය මෙන්ම විදේශ වෙළදපල වෙත ඉදිරිපත් කරන පිරිසකසුම්කරුවන් / අගයදාම එකතුකරන්නන් මෙන්ම නිෂ්පාදකයන්ටද මෙම ප්‍රතීතන සහතික කරන ක්‍රියාවලියට යොමු වීම තුලින් තම නිෂ්පාදන සෞඛ්යාරක්ෂිත හා ගුණාත්මක නිෂ්පාදන සදහා වන පිළිගත් පිළිවෙත් අනුගමනය කරමින් වඩාත් පාරිභෝගික නැඹුරුවකින් යුතුව නිෂ්පාදනය කර ඇති බවට පිළිගත් ආයතනයකින් ලබාදෙන ප්‍රතීතන සහතිකයක් ලැබෙන බැවින් තම නිෂ්පාදන සදහා ඇති ඉල්ලුම වර්ධනය කර ගැනීමට මෙන්ම නව වෙළදපලවල් කරා යොමුකිරීමට අවස්ථාව සැලසේ.
තම නිෂ්පාදන ආයතන වල යන්ත්රාගාර හෝ අවශ්‍ය අනෙකුත් උපාංග යනාදිය නිර්දේශ වන අවස්ථා වලදී එම ආයතනයේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවන්ට (Working capital) මුහුණ දෙන විටදී එම අවශ්‍යතාවයන්ද සපුරා ගැනීම සදහා කුළුබඩු හා ඒ ආශ්රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය විසින් ඔවුන් වෙත සහනදායි බැංකු මුල්‍ය පහසුකම් සපයාගැනීම සදහා ද අවශ්‍ය මගපෙන්වීම සහ නිර්දේශ සපයනු ලැබේ.
ඒ අනුව දැනටමත් හැටන් නැෂනල් බැංකුවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ මුල්‍ය ණය අංශය (SME and Micro Finance Unit) සමග සම්බන්ධ වී, මේ සම්බන්ධව වැඩසටහනක් ද ක්‍රියාත්මක කරනු ලැබේ. ඒ අනුව එම බැංකුව මගින් තම කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සපයනු ලබාදීම සදහා අවශ්‍ය වන නිර්දේශයද කුළුබඩු හා ඒ ආශ්රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය මගින් ලබාදෙනු ලැබේ.